General15 January 2016

අබිලින් දිවි රඟ මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසන ගම්පහ රෝහලේදීයි ඔහු ජීවිතක්ෂයට පත්වුයේ.

අබිලින් ලෙස ලොකු කුඩා සැම අතර ජනප්‍රියත්වටය පත්වු චන්ද්‍රසිරි කොඩිතුවක්කු හදවත් රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවුනා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 68 ක්.

දෙල්ගොඩ ප්‍රදේශයේ උපත ලැබු චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා චිත්‍රපට / වේදිකා මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණවලට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

සොක්කානෝ රජානෝ වේදිකා නාට්‍යයෙන් රංගන ශිල්පයට අවතීර්ණ වූ ඔහු අභිරූපන ශිල්පියෙකු ලෙසට ද ප්‍රකටයි.

දේශපාලූවා ඇතුළු වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රැසකම රගපෑ ඔහු පසුගිය මාස 6 ක කාලය මුළුල්ලේ රෝගාතුරව පසුවුණා.

Related recommendation
Hiru TV News | Programmes